You are currently viewing යාලුගහවෙල කසල දාහකයේ මුලික පරීක්ෂණ කටයුතු සිදු කෙරේ..

යාලුගහවෙල කසල දාහකයේ මුලික පරීක්ෂණ කටයුතු සිදු කෙරේ..

  • Post category:APS

අකුරණ බල ප්‍රදෙශයේ, විසි වසරකට අධික කාලයක් මුළුල්ලේ පැවැත ආ කසල ගැටළුව සහමුලින්ම තිත තැබූ වගයි.

අකුරණ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඉස්තිහාර් ඉමාදුදීන් මැතිතුමාගේ. සෘජු ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාතෙන්ම ප්‍රථම වතාවට, කෝටි පහක අති දැවැන්ත ව්‍යාපෘතියේ කසල දාහකය දැනටමත් යාලුගහවෙල ස්ථාපිත කොට කසල අංගනය නවීකරණ කටයුතු 95% අවසන්‍ කර තිබේ..

කසල දාහකයේ ප්‍රථම මූලික පරීක්ෂණ කටයුතු අද දින ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ පළාත් පාලන සහකාර කොමසාරිස්තුමිය ,පලාත් පාලන දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සේවා විදුලි ඉංජිනේරුමහතා, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ද සමගින් අකුරණ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයේද සහභාගිත්වයෙන් සිදු කරන ලදී.