මෝසම් වර්ශාව හේතුවෙන් පසුගිය වසර 25 කටත් වඩා අධික කාලවකවානුවක් තිස්සේ නිරන්තරයෙන් ඇතිවන අකුරණ ගංවතුර තත්ත්වය මැඩපැවැත්වීම සදහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් වශයෙන් ඇල මාර්ගයේ තැන්පත් වී ඇති රොන්මඩ ඉවත් කොට එයින් වැලි පෙරණය කරමින් ජලය බැස යෑම ක්‍රමවත් කිරීමේ වැඩපිළිවෙලක් අකුරණ ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කර ඇත.
එම යන්ත්රසූත්ර නිල වශයෙන් අකුරණ ප්‍රාදේශීය සභාවට භාර දීම අද දින(2022/12/12) මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. රුපියල් මිලියන 10 කට ආසන්න ඇස්තමේන්තු ගත අරමුදලකින් යුතු මෙම දැවැන්ත ව්‍යාපෘතිය අදියර වශයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කර ඇත.
බල ප්‍රදේශයේ ආගමික නායකයින්, මේ සදහා අකුරණ කොට්ඨාශය තුල සාමය හා සංහිදියාව වෙනුවෙන් ක්‍රියාත්මක USAID SCORE ව්‍යාපෘති ප්‍රාදේශීය කළමානාකාර නිලධාරි චතුරිකා සෙනෙවිරත්න මිය සහ සම්බන්ධීකාරක ඩබ්.එම්.කේ. ලසන්ත මහතා, මේ සදහා සහයෝගය දැක්වූ අප අකුරණ ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීවරුන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා,මධ්‍යම පළාත් පලාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා ඇතුළු නිලධාරීන් මෙම ව්‍යාපෘතියේ මූලික වැඩකටයුතු සකසාලීමට දායක වූ අකුරණ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වන විෂයභාර රාජ්‍ය නිලධාරීන්, අලවතුගොඩ පොලිසිය, වෙළද සංගමයේ සභාපති ඇතුළු වෙළද ප්‍රජාව හා මෙම ව්‍යාපෘතිය සාර්ථකව ආරම්භ කිරීමට සහය දැක්වූ සියලු දෙනා දක්වන ලද අගනා සහයෝගය බෙහෙවින් අගය කරන අතර අකුරණ ප්‍රාදේශීය සභාවේ ස්තූතිය පල කරන්නෙමු.
මෙම පිගාඔය ප්‍රධාන A9 මාර්ගය හා කේන්ද්‍රවන හෙයින් ජාතික ආර්ථිකයට පවා දැඩි හානිදායක තත්ත්වයක් සහ විශාල දේපල හානිද නිරන්තර ගංවතුර තත්ත්වය නිසා ඇති විය. මෙම ගංවතුර උවදුර ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් ව තිබීමත් සමගින් මෙය අධ්‍යනය කරමින් පසුගිය කාලවකවානුව තුළ විවිධ වූ වැඩපිළිවෙත් සංවිධානය වුවද ඒවා හරියාකාරයෙන් ප්‍රායෝගිකව අපහට ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. සම කණ්ඩායම් ක්රියාකාරීත්වයක් සහ අකුරණ රාජ්‍ය හා රාජ්‍ය නොව අංශයන්ගේ ද පූර්ණ සහයෝගය ලැබුනු හෙයින් සේම මෙම කර්තව්‍ය සාර්ථකව ආරම්භ කිරීමට ජනතාව ද අපහට ලබාදුන් සහයෝගය බෙහෙවින් අගය කලයුතු වනවා.
මෙම වැඩපිළිවෙල සැබැවින්ම සාර්ථක වැඩපිළිවෙලක් වශයෙන් අවදානම් ගංවතුර තත්ත්වය සදහා සදාකල් විසදුමක් ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම දැවැන්ත ව්‍යාපෘතිය තුළින් අඛණ්ඩ ව්‍යවසායකත්වයක් ඇතිකරලීම, මෙම ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය සදහා සඵලදායී ශ්‍රම බලකායක් බිහිකිරීම, සහනදායී මුදලකට ලබාගන්නා ලද වැලි ඉදිරියේදී ප්‍රාදේශීය සභාව හරහා ලබාදීමට කටයුතු කිරීම යනාදීය මෙම ව්‍යාපෘතිය හරහා සිදුකිරීමට වැඩිදුරටත් අපේක්ෂා කරනවා.
එසේම මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන අදහස් සහ යෝජනාවන් හෝ පැහැදිලි කිරීම් වෙනුවෙන් අප හා සම්බන්ධ වීම ඉතාම අගනයේ ය.