You are currently viewing අකුරණ ප්‍රාදේශීය සභාව විසින් සාර්ථකව නිම කරන ලද දීගල පෙර පාසල් නව ගොඩනැගිල්ල විවෘත කෙරේ…

අකුරණ ප්‍රාදේශීය සභාව විසින් සාර්ථකව නිම කරන ලද දීගල පෙර පාසල් නව ගොඩනැගිල්ල විවෘත කෙරේ…

  • Post category:APS

අකුරණ දීගල ප්‍රදේශයේ අංග සම්පූර්ණ පහසුකම් වලින් යුත්, “මුල් ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නවතම ගොඩනැගිල්ල” 2022/12 /10 දින මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

මෙම පෙර පාසල වසර ගණනාවක් තිස්සේ ඉතා දුෂ්කර අයුරෙන් අවම පහසුකම් යටතේ ඉඩකඩ සීමිත, තාවකාලික පරිශ්‍රයක පිහිටා තිබිණි.

අකුරණ ප්‍රාදේශීය සභාවේ රු මිලියන 3.8 කට ආසන්න මුල්‍ය ප්‍රතිපාදන මත, ගරු සභාපතිතුමා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ගේද සහයෝගයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර ජනසතු කරන ලදී.

මීට මාස කිහිපයකට ප්‍රථම මෙම පරිශ්‍රයේදී නවීන පහසුකම්වලින් යුත් අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් නිර්මාණය කිරිම සදහා මාසික මහා සභාවාරයේදී තීරණය කල අතර ඒ සදහා අපහට මෙම ඉඩම පරිත්‍යාගය කළ දීගල ප්‍රදේශයේ පදිංචි වීරකෝන් යුවළට, ගරු සභාපතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභාවේ කෘතවේදීත්වය පල කරමු.

අකුරණ ප්‍රාදේශීය සභාව විසින් සියලුම ගරු මන්ත්‍රීවරුන්ගේ ද සහයෝගයෙන් පසුගිය කාලවකවානුව පුරාවටම සංවර්ධනමය, අධ්‍යාපනය, සෞඛ්‍යමය සහ සහජීවනමය වශයෙන් ග්‍රාමීය මාර්ග හා ඇතුළු අවශේෂ යටිතල පහසුකම් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් හරහා කරන ලද ව්‍යාපෘතීන් තුළින් අප ඉලක්ක කරගත් ප්‍රගතියකට යාමට හැකි වූ අතර එහි එක් ව්‍යාපෘතියක් වන මෙම මුල් ලමාවිය ගොඩනැගිල්ල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියද සාර්ථකව අපහට නිම කරගැනීමට හැකිවීය.

ඒ සදහා අපහට නිරන්තරයෙන් සහයෝගය දක්වන බල ප්‍රදේශයේ මහජනතාවට ද ගරු සභාපති තුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයේද ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයේද කෘතවේදීත්වය පලකරන අතර මෙම විවෘත කිරීමේ අවස්ථාව සදහා මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමා, ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතා, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මධ්‍යම පළාත් පලාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා, මධ්‍යම පළාත් සහකාර කොමසාරිස් නිලූකා බුලත්ගේ මිය, අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ මිය, අකුරණ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩි.ජී.එම්.බී රණසිංහ මහතා , අලවතුගොඩ පොලිසියේ ස්ථානාධිපති ගුණතිලක මහතා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.