You are currently viewing යාලුගහවෙල ස්ථාපිත කරන ලද කසල දාහකය ඇතුළු කසල අංගනය නවීකරණය කර ජනසතු කෙරේ..

යාලුගහවෙල ස්ථාපිත කරන ලද කසල දාහකය ඇතුළු කසල අංගනය නවීකරණය කර ජනසතු කෙරේ..

  • Post category:APS

විසි වසරකට අධික කාලයක් මුළුල්ලේ තිබු කසල බැහැර කිරීමේ ගැටලුවට ස්ථාවර විසදුමක් ලබා දීමේ අරමුණින් යාලුගහවෙල ස්ථාපිත කරන ලද කසල දාහකය ඇතුළු කසල අංගනය නවීකරණය කිරිමේ ව්‍යාපෘතිය,රුපියල් මිලියන 50 ක පමණ මුදලක් වැය කරමින් අවුරුදු එක හමාරක් වැනි කාලයක් තුළදී නිමකර නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවය දෙසැම්බර් මස 13 වන සිකුරාදා ,අකුරණ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඉස්තිහාර් ඉමාදුදීන් මැතිතුමාගේ ආරාධනය පරිදි සපැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ගරු නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා සහ අකුරණ ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරුන් ‍සහ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් වන මේනක හේරත් මහතා ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යාලුගහවෙල කොම්පෝස්ට් අංගනයේදී සිදුකරන ලදී….

තවද මෙම උත්සවයේදී පිළිගැනීමේ කතාව සිදුකල ගරු සභාපතිතුමන් වැඩිදුරටත් සදහන් කළේ,

මෙම ව්‍යාපෘතිය නිම කිරීම සදහ දායක වූ සියලුම දෙනා හට තම ස්තූති පුදකරන අතර විශේෂයෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙම ව්‍යාපෘතිය,සාර්ථකව නිම කිරීම සදහා තම ප්‍රතිපාදන මුදලින් කොටසක්ද ලබා දී මෙම ව්‍යාපෘතිය සදහා ශක්තියක් වශයෙන් සිටී සියලුම මන්ත්‍රීවරුන් හට තම හෘදයාංගම ස්තූතිය පුද කර සිටින බවත් මෙම ව්‍යාපෘතියට ඉහළ පිලිගැනීමක් සහ වටිනාකමක් ලබාදී අරමුදල් සදහා අවශ්‍ය විශාල සහයක් ලබාදුන් මධ්‍යම පළාත් පලාත් පාලන කොමසාරිස්තුමා හටද විශේෂ ස්තූතිය ප්‍රකාශ කරන ලදී.

“තවද දක්ෂ සභාපතිවරයෙක් සහ ශක්තිමත් මන්ත්‍රී මණ්ඩලයක් සිටිම සම්බන්ධයෙන් සතුටට පත්වෙමි,එසේම මෙම ව්‍යාපෘතිය මධ්‍යම පළාතේ සාර්ථකම ව්‍යාපෘතියක් බවටත්, අනෙකුත් පළාත් සහ ප්‍රදේශයන් වලට ද ව්‍යාප්ත කිරීමේ (Pilot) අභිප්‍රේරණ ව්‍යාපෘතියක් වේවි යැයි, අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමන් ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

එසේම මධ්‍යම පළාත් පලාත් පාලන කොමසාරිස්තුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ යාලුගහවෙල ප්‍රාදේශයේ කසල දාහකය ස්ථාපිත කිරීම හ බැදුනු සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සදහා බලපෑ ප්‍රධාන කාරණාවන්ගෙන් මූලිකවම යාලුගහවෙල ප්‍රදේශය, ගැළපෙන සුදුසු පරිසරයක් වීමත් අනෙක් විශේෂ කාරණාව නම්, ව්‍යාපෘතිය සදහා මුදල් වෙන්කරගැනිමේ දී අවදානය යොමුවූයේ වත්මන් ගරු සභාපතිතුමන්, කොමිස් මුදල් ගැනීම සහ මුදල් අනිසි භාවිත යනාදී ක්‍රියාවන්ගෙන් තොර අවංක පුද්ගලයෙක් සහ ජනතාව ගැන සිතන නායකයෙකු වීම සුවිශේෂී වූ කාරණාවක් විය.

එසේම ඉදිරියේදී, මෙම ව්‍යාපෘතිය සදහා සෑම මාසියකම, මාසික පරීක්ෂණ කටයුතු සිදුවන නිසා මෙම යාලුගහවෙල ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සහ නිදහස වෙනුවෙන් ස්ථාවර වගකීමක් ගරු සභාපති ඇතුළු අප සියලුදෙනා දරන බවද වැඩිදුරටත් සදහන් කර සිටියහ.